සැලකිය යුතු කාලයක් පුරා පාර්ලිමේන්තුව නියෝජනය කළ මැති ඇමැති ගණනාවක් පවතින දේශපාලන තත්වය හමුවේ මෙවර මහමැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර තිබෙනවා.
මේ පිරිස අතර හිටපු ජනපතිවරු තිදෙනෙක්ම වෙනවා. මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන මේ තිදෙනායි.
ඒ අතර ඇමැතිකම් දැරූ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශාල පිරිසක් වෙනවා. ලක්ෂ්මන් කිරිඇල්ල, ෂාන් විජයලාල්ද සිල්වා, විමල් වීරවංශ, බන්දුල ගුණවර්ධන, විජයදාස රාජපක්ෂ, විමලවීර දිසානායක, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, ගාමිණී ලොකුගේ, මහින්ද යාපා අබේවර්ධන, සී.වී.විග්නේෂ්වරන්, වාසුදේව නානායක්කාර, ගෙවිඳු කුමාරතුංග, ෂෙහාන් සේමසිංහ, එස්.බී. දිසානායක, කනක හේරත්, කරු ජයසූරිය, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, අකිල විරාජ්, නවීන් දිසානායක යන අය මේ පිරිස අතර සිටිනවා.