2025 වසර සඳහා අය-වැය ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ප්‍රධාන යෝජනා පහත පරිදි වෙයි.
- නැගී එන ආයෝජක වර්ධනයට ගැලපෙන ලෙස ආර්ථික සංශෝධන පණත වෙනස් කිරීමට යෝජනා. පලදායී ලෙස රජය භාවිතා නොකරන ඉඩම් බදු දේ.
- සංචාරක යටිතල් පහසුකම් සංවර්ධනයට රුපියල් මිලියන 500ක්.
- සෞඛ්‍ය අයවැය ප්‍රතිපාදන රුපියල් බිලියන 604 දක්වා ඉහළ දැමේ.
- ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඩිජිටල්කරණය කෙරේ.
- රිජ්වේ ආර්යා රෝහලට රුපියල් මිලියන 200ක්.
- දේශපාලක දීමනා කප්පාදුවක් ලෙස මන්ත්‍රීවරුන්ගේ ලක්ෂ 10 රක්ෂණ මුදල ලක්ෂ 2ට අඩු කරේ.
- රජය සතු සියලු සුඛෝපභෝගී වාහන මාර්තු මාසයේදී වෙන්දේසි කරේ.
- මහ කන්නයේ වී මිලට ගැනීමට රුපියල් මිලියන 500ක්.
- පොහොර සහනාධාරය සඳහා රුපියල් මිලියන 35000ක්.
- පාසල් යටිතල පහසුකම් සංවර්ධනයට රුපියල් මිලියන 1000ක්.
- මහපොළ ශිෂ්‍යාධාර රුපියල් 2500කින් ඉහළට.
- පෙරපාසල් ආහාර සඳහා මුදල් රුපියල් 60 සිට 100 දක්වා ඉහළට.
- පෙරපාසල් ගුරු දීමනාව රුපියල් 1000කින් ඉහළට.
- සුඛෝපභෝගී බස් ව්‍යාපෘතියක් සඳහා රුපියල් මිලියන 3000ක්.