ලංකා IOC සමාගමට අයත් ඉන්ධනවල මිල අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව ලංකා IOC සමාගමට අයත් ඉන්ධනවල මිල, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිලට සමාන වන අයුරින් සංශෝධනය කරන බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ඒ අනුව ඔක්ටෙන් 92 පෙට්‍රල් ලීටරය රුපියල් 11කින්, ඔක්ටෙන් 95 පෙට්‍රල් ලීටරය රුපියල් 41කින් සහ සුපර් ඩීසල් මිල රුපියල් 22කින් අඩුකර තිබෙනවා.
ඔක්ටෙන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 344ක්වන අතර ඔක්ටෙන් 95 පෙට්‍රල් ලීටරයේ නව මිල රුපියල් 379ක්.
මේ අතර සුපර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 355ක් ලෙස සටහන්ව තිබුණා.
එමෙන්ම, ලංකා සුදු ඩීසල් මිල සහ ලංකා භූමිතෙල් මිල සංශෝධනය කර නොමැති අතර, එය පැවති මිල ගණන් යටතේම අලෙවිකරන බවයි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව නිවේදනය කර ඇත්තේ.
අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව ලංකා සයිනොපෙක් සමාගමට අයත් ඉන්ධනවල මිල, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිලට සමාන වන අයුරින් සංශෝධනය කරන බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින්,
පෙට්‍රල් 92 – රු. 11 කින් (නව මිල රු.344)
පෙට්‍රල් 95 – රු. 41 කින් (නව මිල රු.379)
සුපර් ඩීසල් – රු. 22 කින් (නව මිල රු.355)
මිල නොවෙනස් වන ඉන්ධන වර්ග:
ඔටෝ ඩීසල් – (මිල රු.317)
ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින්.
පෙට්‍රල් 92 – රු. 11 කින් (නව මිල රු.344)
පෙට්‍රල් 95 – රු. 41 කින් (නව මිල රු.379)
සුපර් ඩීසල් – රු. 22 කින් (නව මිල රු.355)
මිල නොවෙනස් වන ඉන්ධන වර්ග:
ඔටෝ ඩීසල් – (නව මිල රු.317)
භූමිතෙල් – (නව මිල රු.202)