හිටපු ජනාධිපතිවරුන්ගේ විදෙස් සංචාර සඳහා වැය වූ මුදල් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද (27) පැවති පාර්ලිමේන්තු සභාවාරය අතරතුර විශේෂ අනාවරණයක් සිදුකළා.
එහි දී අග්‍රාමාත්‍යවරිය එක් එක් හිටපු ජනාධිපතිවරුන්ට විදේශ සංචාර සඳහා වැය වූ මුදල් සම්බන්ධයෙන් වෙන් වෙන් වශයෙන් පෙන්වාදුන්නා.
ඒ අනුව,
2010 සිට 2014 දක්වා කාලය තුළ මහින්ද රජපක්ෂ – මිලියන 3,572
2015 සිට 2019 දක්වා කාලය තුළ මෛත්‍රීපාල සිරිසේන – මිලියන 384
2020 සිට 2022 දක්වා කාලය තුළ ගෝඨාභය රාජපක්ෂ – මිලියන 126
2023 සිට 2024 දක්වා කාලය තුළ රනිල් වික්‍රමසිංහ – මිලියන 533
2024 සැප්‍තැම්බර් සිට 2025 පෙබරවාරි දක්වා කාලය තුළ අනුර කුමාර දිසානායක – මිලියන 1.8ක්
2010 සිට 2025 දක්වා වැඩිම වියදම දරා ඇත්තේ 2013 දී බවත් එම වසරේ දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් රුපියල් මිලියන 1,144ක් වැය කර ඇති බවත් අගමැතිනිය වැඩිදුරටත් සඳහන් කළා.