පෞද්ගලික සහ ලංගම බස් රථ සඳහා ගුණාත්මක ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා නව නිර්ණායක හඳුනාවාදීමට කටයුතු සැලසුම් කරන බව ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යංශ ආරංචිමාර්ග පවසනවා.
බස්රථවල අනවශ්‍ය වෙනස්කම් කිරීම සිදු නොකළ යුතු බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන පුවත්පතකට පවසා තිබෙනවා.
මල්මාලා, ප්ලාස්ටික් මල්, සෙල්ලම් බඩු, බැලූන්, ප්ලාස්ටික් බෝල සහ සුදු යකඩ උපාංග ආදී රියදුරුගේ දෘශ්‍යතාවට හානි කරන දේවල් ඉවත් කිරීමට ක්ෂණික පියවර ගන්නා බවයි පැවසෙන්නේ.
බස් රථවල අපිරිසිදු තිර රෙදි ඇති බවත් ඒවා බොහෝ විට කිසි දිනක නොසේදූ ඒවා බවත් පවසන නියෝජ්‍ය අමාත්‍යවරයා ශ්‍රව්‍ය උපකරණ සමහරක් මගීන්ට දැඩි කරදර ගෙන එන ඒවා බව ද කියා සිටිනවා. ප්‍රමිතියට අනුකූල නොවන ආසන, පටු ආසන, අනවශ්‍ය බස්රථ ස්ටිකර්, වැනි ගැටලු සම්බන්ධයෙන්ද අවධානය යොමු කරන බව නි. ඇමැතිවරයා පවසනවා.
යම් කාල රාමුවක් තුළ මේ තත්වයන් වෙනස් කිරීමට කටයුතු කරන බවද දැනට භාවිතා වන ලොරි චැසි යොදා නිෂ්පාදනය කරන ලද බස් රථ වෙනුවට හොඳ තත්වයේ බස් රථ 1000ක් ආනයනට කිරීමට පියවර ගන්නා බවද වාර්තා වෙනවා.