මීගමුව ප්රදේශයෙන් අතුරුදන් වූ පුද්ගලයෙකු සහ ඔහුගේ දියණිය සොයා ගැනීමට පොලිසිය මහජන සහයෝගය අපේක්ෂා කරනවා.
දරුවාගේ මව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මීගමුව පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
පැමිණිල්ලට අනුව, එම කාන්තාවගේ 41 හැවිරිදි සැමියා සහ 02 හැවිරිදි දියණිය 2024 සැප්තැම්බර් 14 සිට අතුරුදහන් වී ඇති අතර මේ දෙදෙනා පිළිබඳ තොරතුරු 071 8591630 සහ 031 2222222 යන දුරකතන අංක ඔස්සේ පොලිසියට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
