හිටපු නියෝජ්‍ය අමාත්‍ය හීන්මහත්මයා ලියනගේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.
1942 ඔක්තොබර් 13 වන දින උපත ලද ඔහු 2024 ඔක්තොබර් 14 වන දින අභවප්‍රාප්ත වන විට 82 වන වියේ පසු වුණා.
1989දී රක්වාන ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත් වූ හීන්මහත්මයා 1994 දී ද පාර්ලිමේන්තුවට තේරී පත් වනවා.
2000 වසරේදී වතු යටිතල පහසුකම් සහ පශු සම්පත් සංවර්ධනය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ධුරයට පත් වෙනවා.
2009 වර්ෂයේදී කජු සංස්ථාවේ සභාපතිවරයා ලෙස ද පත් වූ හීන්මහත්මයා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුණ ලියනගේගේ පියාණන් ද වනවා.
අවසන් කටයුතු 2024 ඔක්තොබර් 16 වන දින පැල්මඩුල්ල අදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතයි.