Sat. Jun 28th, 2025

මහ වැස්සේ මහ හානි මෙන්න!

Nov28,2024 #disaster #rain #weather report

රට පුරා ක්‍රියාත්මක අයහපත් කාලගුණ තත්වය විවිධ හානි සිදු කර තිබෙනවා.

කන්‍තලේ, සූරියපුර පිහිටි සිංහ වැවේ පිටවානේ කොටසක් කැඩී ගොස් ඇති බව ගොවීන් පවසනවා.

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු විවර කිරීම හලාවත – ආණමඩුව මාර්ගය පල්ලම ප්‍රදේශයෙන් යට වී ඇති බව වා‍ර්තා වෙනවා.

දින තුනක් පුරා ඇදහැළෙන වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව සෝමාවතී පුදබිමද ජලයෙන් යටවී ගොස් ඇති බව ආපදා කළමනාකරණ ඒකකය පවසනවා. පොළොන්නරු දිස්ත්‍රික්කයේ පවුල් 1000ක් පමණ පීඩාවට පත්ව ඇති බවයි පැවසෙන්නේ.

හම්බන්තොට, මයුරපුර පිහිටි හොඬවැල් පොකුණ වැවේ පිටවාන කැඩී ගොස් සිය ගණන් ජනතාවගේ ගමනාගමනය අඩාල වී ඇතැයි සඳහන්. කාලයක් තිස්සේ මෙය පිළිසකර නොකිරීම නිසා හානිය වැඩි වූ බවයි ගොවීන් චෝදනා කරන්නේ

දඹුල්ල ආඬියාගම කිරළව පාලම ගිලා බැසීමෙන් ගමනාගමනය අඩාල වී ජනතාව අපහසුතාවට පත්ව ඇතැයි පොලිසිය පවසනවා.

ඒ අතර බදුල්ල දිස්ත්‍රික්කයේ වට වර්ෂාවෙන් බදුල්ල පස්සර මාර්ගයේ පස් කඳු කඩා වැටී ගමනාගමනයට බාධා වී ඇති බව වාර්තා වෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *