මහ වැසි තත්වය මැද රිය ධාදනයේදී කල්පනාකාරී වන ලෙස ආපදා කළමනාකරණ අංශ පවසනවා. නොසැලකිලිමත් ලෙස රිය පැදවීම මරුවාට අත වැනීමක් බවයි ඔවුන් පවසන්නේ.
සමන්තුරේ ප්‍රදේශයේ දී එලෙස ධාවනය කළ ට්‍රැක්ටර් රථයක් සැඩ පහරට හසුව සිසුන් සයකගේ සහ එහි රියදුරුගේ දිවි අහිමි වුණා.
යාපනය පාලිආරු පෙදෙසේද මෙලෙස මෝටර්‍රියක් සැඩ පහරට හසුව තවමත් ගොඩ ගැනීමට නොහැකි ව ඇති බව ආපදා කළමනාකරණ ඒකකය පවසනවා.
කෙසේ වෙතත් මෝටර් රියේ සිටි පිරිසගේ දිවි ගලවා ගැනීමට සමත්ව තිබෙනවා.