ගත වූ පැය 24 ක කාලය තුළ සිදුවූ මාර්ග අනතුරුවලින් 13 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වෙනවා.
තරුණයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර හැටන් බලා ධාවනය වූ බස් රථයක් ප්‍රපාතයකට පෙරළීම නිසා තිදෙනෙකුට දිවි අහිමි වුණා.
හැටන්, මාරවිල, අම්බලන්තොට, ගම්පොල, හෙට්ටිපොල, මඩකලපුව, මිරිහාන, කැබිතිගොල්ලෑව, සහ සීදූව යන පොලිස් බල ප්‍රදේශවල ඊයේ (21) මෙම රිය අනතුරු වාර්තා වී තිබුණා.

