Sat. Jun 28th, 2025

රුපියල් 359 බෙහෙත රු.76000ට විකිණීම ගැන සුව ඇමැති කතා කරයි!

Jan21,2025 #health #news #slpolitics

රුපියල් 359කට ලබා දිය හැකි ඖෂධයක් රුපියල් 76000කට විකිණීම ගැන පැතිරුණු පුවතක් පසුගිය දා සමාජයේ මහත් ආන්දෝලනයක් ඇති වුණා. මෙය සත්‍යයක්ද යන්න ගැන බොහෝ දෙන සංකා මතු කරනු ලැබුවා. කෙසේ වෙතත් අද (21) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී සෞඛ්‍ය අමාත්‍ය නලින් ජයතිස්ස විසින් මෙම පුවත සත්‍යයක් බව තහවුරු කරනු ලැබුවා.

මෙලෙස සිදුවීමට හේතුව ලෙස ඇමැතිවරයා දක්වනු ලැබුවේ ඖෂධ ආනයනය සම්බන්ධයෙන් සමහර සමාගම් සතුව පැවැති ඒකාධිකාරය මෙයට හේතු වූ බවයි.

පැපුවාරින් නමැති මෙම ඖෂධය ආනයනය කිරීම කර තිබෙන්නේ එක් සමාගමක් විසින් පමණක් බව එහිදී ඔහු කියා සිටියා.

මෙය ආනයනය කරන අවස්ථාවේ මිල සූත්‍රයක් ක්‍රියාත්මක නොවූ බවත් රජය විසින් සමාගම් තීරණය කළ මිලට ඖෂධ මිලට ගෙන ඇති බවත් ඇමැතිවරයා හෙළි කළා.

2019 සිට 2023 වසර දක්වා මෙම එන්නත් සඳහා රජය රුපියල් මිලියන 350කට ආසන්නව වැය කර ඇති අතර එම ඖෂධය රුපියල් 100 සිට රුපියල් 76000 දක්වා මිල ගණන්වලට අලෙවි වී තිබුණා.

උක්ත සමාගමට දේශපාලන සම්බන්ධයක් ඇති බවට විශ්වාස කෙරෙන බවත් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කෙරෙන බවත් වාර්තා වෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *