Thu. May 1st, 2025

ඌරන්ටත් සෞඛ්‍යය අනිවාර්ය කෙරෙයි

Oct22,2024 #food #health #transport

ඌරන් ප්‍රවාහනය කිරීමේදී පශුවෛද්‍ය සෞඛ්‍ය සහතිකය අනිවාර්ය කිරීමට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ඌරන් අතර පැතිර යන ‘Porcine Reproductive and Respiratory Syndrome’ (PRRS) නමින් හැඳින්වෙන අධික ලෙස බෝවන වෛරස් රෝගය සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබෙනවා.

ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල පවසා ඇත්තේ ගොවිපොළ හිමියන් පශු වෛද්‍ය සහතිකය අදාළ පශුවෛද්‍යවරුන්ගෙන් ලබාගැනීම අනිවාර්ය බවයි.

වලංගු සෞඛ්‍ය සහතිකයක් නොමැතිව ඌරන් ප්‍රවාහනය කිරීම සපුරා තහනම් බවත් ඒ ඌරන් වෛරස් රෝගවලින් තොර බව සහතික කිරීම සඳහා බවත් වෛද්‍ය කොතලාවල වැඩිදුරටත් ප්‍රකාශ කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *