ගිනිගත්හේන පොලිස් වසමට අයත් කෙනිල්වර්ත් වතුයායේ පළමු කොටසේ රක්ෂිතයේ පිහිටි කාලි හින්දු කොවිලක නිධානයක් ගොඩගැනිමට උත්සාහ කළ අඹුසැමි යුවලක් සහ ඔවුන් සමග පැමිණි ත්‍රිරෝද රථ රියදුරෙක් වතු කම්කරුවන් පිරිසක් විසින් අල්ලා ගිනිගත්හේන පොලීසිය වෙත භාර දී තිබෙනවා.
එම වතුයායේ කාලි කොවිලේ තිබෙනවා යැයි පවසන නිධානයක් ගොඩගැනිමට මිට වසර කිහිපයකට ප්‍රථම පිරිසක් උත්සහ කල බවත්, එම උත්සහය ව්‍යාප්ත විමෙන් අනතුරුව ඊයේ දින රාත්‍රියේ සැකකාර අඹුසැමි යුවල මාස හතක් පමණ වයසැති සිගිත්තියක් රැගෙන අධික බැවුමක් සහිත ප්‍රදේශයක පිහිටි එම හින්දු කොවිල වෙත ගොස් පුජාවක් පැවැත්විමට සුදානම් වෙමින් සිටියදි වතු කම්කරුවන් එම පිරිස දැක වතු අධිකාරිවරයාට දැනුම් දි පුජාවක් පැවැත්විමට සුදානම් වි සිටි පිරිස අල්ලා ගිනිගත්හේන පොලීසිය වෙත භාර දි තිබුණා.
අංගොඩ සහ මිගොඩ ප්‍රදේශවල පදිංචි අඹුසැමි යුවල අවු 32 සහ 31 වයස් කාණ්ඩවල පසුවන අය බවත්, එම යුවලගේ යැයි පවසන මාස හතක් වයසැති සිගිත්තියක්ද සිටි බවයි ගිනිගත්හේන පොලීසියේ ස්ථානාධිපති ප්‍රකාශ කළේ.
සැකකරුවන් සන්තකයේ තිබි ඩෙටනේටර් හතරක්, වෙඩි බෙහෙත් සහ ග්‍රිල් කටුවක් තිබි හමු වු බවත්, අත්අඩංගුවට ගත් අඹුසැමි යුවල පුජාවක් පැවැත්විම සදහා එම හින්දු කොවිලට පැමිණි බව සඳහන් කරන බවයි පොලීසිය පවසන්නේ.
අඹුසැමි යුවල සමග එම වතුයායට ගොස් සිටි ගිනිගත්හේන නගරයේ ත්‍රිරෝද රථ රියදුරෙකුද වතු කම්කරුවන් විසින් අල්ලා පොලිසිය වෙත භාර දුන් බවත්, අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත්, අඹුසැමි යුවල ළඟ සිටි සිගිත්තිය දැනට පොලිස් භාරයේ සිටින බව ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළා.
වතු කම්කරුවන් විසින් අත්අඩංගුවට ගත් සැකකරු ගිනිගත්හේන පොලිසියේ නිලධාරින් වෙත භාරදෙන අවස්තාවේ වතු කම්කරුවන් සහ පොලීසිය අතර දැඩි නොසන්සුන්කාරි තත්ත්වයක්ද ඇතිවී තිබුණා.
