සමගි ජන බලවේගය ගත් ඇතැම් වැරැදි තීන්දු ජනාධිපතිවරණය පරාජය වීමට හේතු වූ බව එම පක්ෂයේ භාණ්ඩාගාරික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.
ඔහු සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගයේ සංවිධාන ශක්තිය සමඟි ජන බලවේගයට හා එක්සත් ජාතික පක්ෂයට වඩා ඉදිරියෙන් තිබූ බවයි.
ජනාධිපතිවරණය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජන බලවේගය ලෙස පාට, පක්ෂ, ලාංඡන වෙනස්කර සමාජයේ වැඩි පිළිගැනීමක් ඇති පිරිස් ඉදිරියට ගොස් වෙනසක් කළ බවයි හර්ෂ පැවසුවේ.
සමගි ජන බලවේග පාර්ශවයෙන් එවැන්නක් සිදු නොවූ බවත් ජනාධිපතිවරණය සඳහා එක් කරගත් ඇතැම් පුද්ගලයන්ට සමාජයෙන් දැඩි විරෝධයක් එල්ල වූ බවත් ඔහු පෙන්වා දෙනවා.
ඔහු තව දුරටත් සඳහන් කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස යන දෙදෙනා ඡන්ද දායකයන් එක් ස්ථානයකට ගෙනාවේ නම් අනුර කුමාර දිසානායක මහතා මෙරට ජනාධිපති වීමට ඉඩ නොතිබූ බවයි.
ඒ අනුව ජනාධිපතිවරණයේදී යම් පසුබෑමක් සිදුවුවත් ඉදිරි මහ මැතිවරණයේදී බහුතර බලයක් ලබා ගැනීම තම කණ්ඩායමේ සැලැස්ම වී ඇති බැවින් ඒ වෙනුවෙන් කටයුතු කරන බවද හර්ෂ ද සිල්වා අවධාරණය කරනවා.
රටේ ප්‍රධාන බලමුළු දෙක තුලනාත්මක තැනකට මහ මැතිවරණයේදී එළැඹිය යුතු බවත් නොඑසේ නම් ඒකාධිපතිවාදයක් නිර්මාණය වීමෙන් ප්‍රජාතන්ත්‍රවාදයට බරපතළ හානි විය හැකි බවත් ඔහු තව දුරටත් පවසා සිටියා.