Fri. Jun 27th, 2025

හාමනිය යළි ඇරඹේ!

Dec31,2024 #agriculture #art #news

Harmony Center සංස්කෘතික අවකාශය හරිම අපූරු ආකර්ෂණීය කලා ඉසව් සහ සංවාද කව ඉදිරිපත් කරමින් නැවුම් අත්දැකීමක් ප්‍රෙක්ෂක ප්‍රේක්ෂිකාවන්ට ලබා දෙන කා අතරත් කතාබහක් ඇතිවුණු සුන්දර තැනක්. ගිය අවුරුද්ද පුරාවට සිනමා, නාට්‍ය දර්ශන සහ කතිකා, සංගීත ප්‍රසංග සහ Human Library, Community Kitchen වැනි වෙනස්ම විදියෙ අත්දැකීම් ප්‍රෙක්ෂක ජනතාවට ලබා දෙමින් සති අන්ත වර්ණවත් කරන්න හරවත් කරන්න Harmony Center අවකාශයට හැකි වුණා.

කෙටි විරාමයකට පසුව තව දින කීපයකින් එළඹෙන 2025 අවුරුද්දෙ නැවතත් ඒ අපූරු නැවුම් අත්දැකීම ඔබට ලබාදෙන්න Harmony Center සූදානම්. එහි පළමු පියවර 2025 ජනවාරි 5 වෙනි ඉරිදා හවස 6.00 තැබීමට සියලු කටයුතු සුදානම්. එදාට ජනප්‍රිය ගායනවේදී නදීක ජයවර්ධන සමග No Names Collective සංගීත කණ්ඩායම සංගීතයේ වෙනස් රසයක් එක්ක ඉස්තරම් හවස් වරුවක් මවන්න සැදී පැහැදී ඉන්නව. ඒ වගේම ප්‍රවීණ රංගනවේදී ප්‍රියන්ත සිරිකුමාර පුරවැසි සමාජ දේශපාලනය ගැන කරන නැවුම් නාට්‍යමය ඉදරිපත් කිරීමක් පෙරටු කරගත් පැමිණෙන සියලු දෙනාම මැදිහත් වන හර බර සැර සංවාද කවයක් නිර්මාණ කරන්නත් සියලු කටයුතු සුදානම් වෙලයි තියෙන්නෙ.

Harmony Center සංස්කෘතික අවකාශයේ සංවිධාන ශක්තිය No Names Collective අපි ඔබ සැමට ආරාධනා කරනව ජනවාරි 05 එන්න කියල. ටිකට් ගන්න ඕනෙ නෑ මේ හැන්දෑව සම්පූර්ණයෙන්ම නොමිලේ. ආසන වෙන්කරගන්න මේ දුරකතන අංක වලට කතා කරන්න. 077 37 72 375 [ මිලාන් ], 075 31 95 028 [ අසංක ], 011 25 18 706 [ කාර්යාලය ]. එහෙනං එදාට නොවරදවාම එන්න. අපි ඉතා උණුසුම් ලෙන්ගතුකමින් මග බලන් ඉන්නව ඔබ සැම පිළිගන්න.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *