නව රජය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තම පවුලේ සාමාජිකයන් පෞද්ගලික කාර්ය මණ්ඩලය ලෙස පත් කර ගැනීමට නොහැකි වනු ඇති බව අගමැති හරිනි අමරසූරිය ප්‍රකාශ කළා.
ජාතික ජන බලවේගයේ කාන්තා අංශය විසින් ගම්පහ ප්‍රදේශයේ සංවිධාන කර තිබූ ජනහමුවක් අමතමිනුයි ඇය මේ බව ප්‍රකාශ කළේ.
නව රජය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන පහසුකම් සීමා කරන බව ප්‍රකාශ කළ අගමැතිනිය වැඩි දුරටත් මෙසේ පැවසුවා.
“නිල නිවාස ඇතුළු පහසුකම් සීමා කරනවා. මන්ත්‍රීවරුන්ට තවදුරටත් තම පවුලේ සාමාජිකයන් පෞද්ගලික කාර්ය මණ්ඩලය ලෙස පත් කර ගැනීමට නොහැකි වේවි. දරා ගැනීමට අපහසුම දෙයක් වන දූෂණයත් අවසන් විය හැකියි. අවධානය යොමු වනු ඇත්තේ මැති ඇමැතිවරුන්ගේ යහපැවැත්මට වඩා රටේ අනාගතය සඳහා සංවර්ධන ව්‍යාපෘති ගැනයි. ”