Sat. Jun 28th, 2025

ඇමතිකම නැතුවත් හරීන් හිටපු තැනටම

ජනාධිපතිවරයා විසින් හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා යොවුන් කටයුතු පිළිබඳ විශේෂ උපදේශකවරයෙකු ලෙස පත් කර ඇති බව වාර්තා වෙනවා.

සමගි ජන බලවේගය විසින් හරීන් ප්‍රනාන්දු පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට ගත් තීරණය නීත්‍යනුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා තීන්දු කිරීමත් සමඟ ඔහු දැරූ මන්ත්‍රී ධුරය මෙන්ම අමාත්‍ය ධුර ද අහිමි වුණා.

නමුත් මේ වන විට හරීන් ප්‍රනාන්දු සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා යොවුන් කටයුතු පිළිබඳ විශේෂ උපදේශකවරයෙකු ලෙස පත් කර ඇති බව ප්‍රකාශ කරන සමගි ජන බලවේගයේ නීති සන්ධානය ඊයේ (18) ඒ පිළිබඳව මැතිවරණ කොමිසමට පැමිණිලි කළා.

හරීන් ප්‍රනාන්දුට අහිමි වී ගිය අමාත්‍ය ධුරයන්ට අදාළ විෂය පථයන්ගේම උපදේශකවරයෙකු ලෙස නැවත පත්කර, කාර්යාල පහසුකම් මෙන්ම වරප්‍රසාද ලබාදීම මඟින් මැතිවරණ නීති උල්ලංඝණය වී ඇති බව සමගි ජන බලවේගයේ නීති සන්ධානය වැඩි දුරටත් පෙන්වා දුන්නා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *