Sat. Jun 28th, 2025

වනවාසී හිමිගෙන් තර්ජනාත්මක ප්‍රකාශයක්

ජනාධිපතිවරයාගේ කටයුතු සිදු කරගෙන යාමට ඔහුට අවශ්‍ය පහසුකම් සලසන ලෙසත් ඔහුට බාධා නොකරන ලෙසත් වනවාසී රාහුල හිමි පසුගිය දා දැඩිව කියා සිටියා.

ජනමාධ්‍ය අමතමින් උන්වහස්සේ වැඩි දුරටත් ප්‍රකාශ කළේ මේ බොහෝ දෙනා ජනාධිපතිවරයාගේ කකුලෙන් ඇදීමට උත්සහ කරන බවයි.

උන්වහන්සේ වැඩි දුරටත් මෙසේ පැවැසුවා.

“මෙයාලා එකතුවෙන්නේ අලුත් ජනාධිපතිගේ කකුලෙන් අදින්න. ඒව නම් කරන්න ලෑස්ති වෙන්න එපා. මේ රටට ආදරය කරන මිනිස්සු නම් ඔය දේශපාලඥයන් ඇත්තටම වර්තමාන ජනාධිපතිවරයාගේ කකුලෙන් අදින්නේ නෑ. මට දැනගන්න ලැබුණා දැන් ලොකු ජාලයක් හදන්න යනවා මේ ගොල්ල, එක සන්ධානයක් හදලා, මේ සියලු දෙනා එකට එකතු වෙලා මේ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙලා ඊට පස්සේ බහුතර බලයක් අරගෙන. ඒ ගොල්ල බලාපොරොත්තු වෙනවා ජනාධිපතිවරයා තනතුරෙන් පහ කරන්න. මේවා සදාචාරාත්මක දේශපාලන සංස්කෘතියට ගැලපෙන ඒවා නෙමෙයි.”

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *