සරසවි සිසුන්ට ලබා දෙන මහපොළ ශිෂ්‍යාධාරය සහ බර්සරි ශිෂ්‍යාධාරය වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
ඒ අනුව 2025 අප්‍රේල් මාසයේ සිට මහපොළ හා බර්සරි ශිෂ්‍යාධාර වැඩි කරන බවයි කැබිනට් ප්‍රකාශකවරයා අද මාධ්‍යයට ප්‍රකාශ කළේ.
ඒ අනුව මහපොළ ශිෂ්‍යාධාරය මාසිකව රුපියල් 7,500ක් දක්වාත් බර්සරි ශිෂ්‍යාධාරය මාසිකව රුපියල් 6,500ක් දක්වත් වැඩි කිරීමට නියමිතයි.