Thu. Jun 26th, 2025

මතින් මිදුණු සතුටු පවුල් හමුව- කතරට දියවර 2024

Jan16,2025 #news #police

මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවී සිට ප්‍රජා විශෝධන ක්‍රියාවලියට යොමුවී ඉන් සම්පූර්ණයෙන්ම මිදී යහපත් පුද්ගලයන් ලෙස සමාජ ගත කෙරුණු පුද්ගලයන්ගේ සතුටු පවුල් හමුවක් පසුගියදා අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ශ්‍රවණාගාරයේදී පැවැත්විය.

“කතරට දියවර” නමින් පැවති මෙම වැඩසටහනට හම්බන්තොට දිස්ත්‍රික්කයේ අධිකරණ මගින් ප්‍රජා විශෝධනය සඳහා යොමු කිරීමෙන් පසු පූර්ණ වශයෙන් විශෝධනයට ලක්වූ නියෝගලාභීන් 50 දෙනෙකුගේ පවුලේ සාමාජිකයන් සහභාගි විය.
මෙහිදී මත්ද්‍රව්‍ය භාවිතයෙන් නිදහස් වූ නියෝගලභීන්ගේ සිදුවී ඇති සමාජයීය, ආර්ථික, ප්‍රගතිය සහ එම පවුල්වල සිදුවී ඇති ධනාත්මක වෙනස පවුලේ සාමජිකයන් විසින් පෙන්වා දෙන ලදී.

මේ අතරින් තෝරාගත් පවුල් කිහිපයක් සඳහා ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුව මගින් ස්වයං රැකියා උපකරණ කට්ටල ලබා දුන් අතර සියලුම පාසල් දරුවන් සඳහා අධ්‍යාපන උපකරණ කට්ටලය බැගින් ලබාදීමටද කටයුතු සිදුකරණ ලදී.
දකුණු පලාත් භාර ජේෂ්ඨ ප්‍රජා විශෝධන නිලධාරී ප්‍රියකාන්ත මහතාගේ ආරාධනයෙන් අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රජා විශෝධන කොමසාරිස් නීතීඥ ඩිලාන් ගුණරත්න , ජේෂ්ඨ ප්‍රජා විශෝධන නිලධාරී අබේසිංහ යන මහත්වරුන් ඇතුලු ආරාධිතයින් පිරිසක් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලු ප්‍රජා විශෝධන නිලධාරීන්, වැඩ පරීක්ෂක නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

යාවත්කාලීන වූ නවීන ප්‍රතිකාර ක්‍රම ඔස්සේ මැදිහත් වෙමින් ඉදිරියටත් අඛණ්ඩව මතින් මිදුණු පුද්ගලයින් සමාජගත කිරීමේ ක්‍රියාවලිය වෙනුවෙන් ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුවේ සියලු නිලධාරීන් කැපවී ක්‍රියා කරන බව තිස්සමහාරාම අධිකරණයේ ප්‍රජා විශෝධන නිලධාරී ධනුෂ්ක සංජීව මහතා අපවෙත වැඩිදුරටත් ප්‍රකාශ කලේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *