නුගේගොඩ සිට මහනුවර දක්වා යතුරුපැදියක් නිරුවතින් පදවාගෙන ගිය තරුණයෙක් කඩුගන්නාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම, ඔහු ආරක්ෂිත හිස් ආවරණයක් පැලදීමකින් තොරව ගමන් කරමින් සිට ඇති අතර පොලිසිය පැවසුවේ දැඩි පරිශ්‍රමයකින් අනතුරුව අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 24 හැවිරිදි වියේ පසුවන තරුණයෙක්.
මාවනැල්ල පොලිසියෙන් එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට උත්සහ කළ ද එම උත්සාහය ව්‍යර්ත වී තිබෙනවා.
ඒ අනුව කඩුගන්නාව ප්‍රදේශයේ දී මාර්ග බාධක යොදා යතුරුපැදිය නතරකර අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.