Sat. Jun 28th, 2025

හම්බන්තොට සංචාරක, කර්මාන්ත, වෙළෙඳ සහ වරාය ආර්ථිකයක් ලෙස දියුණු කරනවා – ජනපති

Aug30,2024

හම්බන්තොට සංචාරක, කර්මාන්ත, වෙළෙඳ සහ වරාය ආර්ථිකයක් ලෙස දියුණු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා.

තමන් ජනතාවට සහන ලබා දෙන්නේ ඔවුන්ගේ ආදායම් වැඩි කර බව පැවසූ ජනාධිපතිවරයා අනෙකුත් ජනාධිපති අපේක්ෂකයන් සහ තමා අතර වෙනස එය බවද පෙන්වා දුන්නා.

අසීරුවෙන් ගොඩනඟාගත් රටේ ආර්ථිකය ආරක්ෂා කර ගැනීමට නම් ඉදිරියට යා යුත්තේ නිවැරදි කළමනාකරණයක් සමඟ බව ද පෙන්වා දුන් ජනාධිපතිවරයා අංක ගණිතය නොදත්, බොරු පොරොන්දු පමණක් දෙන නායකයන්ට රටේ වගකීම භාර දිය නොහැකි බවද අවධාරණය කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ හම්බන්තොට බස්නැවතුම්පොළ ඉදිරිපිට ක්‍රීඩාංගණයේදී ඊයේ (29) පස්වරුවේ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලියට එක් වෙමින්.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම ජන රැලියට විශාල ජනතාවක් එක්ව සිටියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *