Sat. Jun 28th, 2025

පොල්පෙති කපන්න එපා කී ආච්චිට පිහියෙන් ඇනලා මරලා – මුණුපුරා අත්අඩංගුවට

Jun7,2024

15 හැවිරිදි මන්ද මානසික මුනුබුරා 77 හැවිරිදි මිත්තණියට පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි නවගමුව පොලිසිය පවසනවා.

සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ කඩුවෙල, කොරතට, ගලබඩවත්ත පදිංචිව සිටි මයිලාගේ විමලාවතී නමැති (77) වයෝවෘද්ධ මව්.

ඝාතනය සම්බන්ධයෙන් මන්ද මානසික මුනුබුරා පිහියත් සමඟ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු පිහියෙන් පොල්පිත්තක් කපමින් සිටියදී මියගිය මිත්තණිය පිහියෙන් පොල් පිති කපන්න එපායැයි පැවැසීමේදී ඊට උරණ වී මුනුපුරා විසින් එකවරම පිහියෙන් මිත්තණියගේ උදර ප්‍රදේශයට පිහියෙන් ඇන ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

තුවාල ලද මිත්තණිය අතුරුගිරිය ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන ගොස් ප්‍රතිකාර ලබා දී යළි නිවස වෙත පැමිණීමෙන් අනතුරුව රෝගී තත්ත්වය උස්සන්න වීමෙන් අනතුරුව හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ඊයේ (6) අලුයම මිය ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් සැකකාර මන්ද මානසික මුනුබුරා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

නවගමුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලයනල් සේනානායක මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එස්.කේ. අලහකෝන් මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *