තමා පාර්ලිමේන්තු ඒමට කිසි විටෙක අදහස් නොකරන බව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ පවසනවා. පළපුරුදු අය පාර්ලිමේන්තුවට පැමිණිය යුතු බවත්, ආණ්ඩුවේ පළපුරුදු කිසිවෙකු නැති බවත් පවසන හිටපු ජනපතිවරයා කියා සිටින්නේ ලංකාව මේ යන විදිහට කොහේ යා දැයි නොදන්නා බවයි.
ඊයේ (02) දින ටොරින්ටන් ආකේඩ්හි තරුණයන් වෙනුවෙන් පැවැති සිනමාපට ප්‍රදර්ශනයක් අවසානයේදී එයට පැමිණි හිටපු ජනපති තවදුරටත් මෙලෙස අදහස් පළ කළා.
“නෑ මම දැන් පාර්ලිමේන්තුවේ හිටියා ඇති. මම හිතන්නේ දැන් අපේ මේ සිලින්ඩරයෙන් එහෙම අලුත් කණ්ඩායමක් ඇතිකරන්න ඕනේ. මොකද මේ අය විතරයි අද රටේ පළපුරුදු අය ඉන්නේ. ආණ්ඩුවේ කවුරුත් නැහැ පළපුරුදු අය. මේ අය දැන් අවුරුදු තුන හතරක් වැඩ කළා. කවුරුත් නැති වෙලාවේ මට උදව්කළා මේක අවුරුදු දෙකකින් හරවා ගන්න. මම හිත්නේ ලෝකේ සීග්‍රයෙන් බංකොලොත් බවින් පිට වුණ රට තමයි ලංකාව ඉතින් මේ යන විදිහට කොහේ යයිද කියලා අපි දන්නේ නැහැ. අර KDU බස් එක වාගේ පෙරළෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි මම කියන්නේ දන්න අය, පළපුරුදු අය එවන්න පාර්ලිමේන්තුවට.”