රාජ්‍ය නිලධාරීන් නොදන්වා දින 5කට වැඩි කාලයක් සේවයට වාර්තා නොකළහොත් එම දින 5ට පස් එළැඹෙන පළමු දින 5 තුළ සේවය හැරයාමේ නිවේදන නිකුත් කළ යුතු බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව පවසනවා.
බොහෝ අවස්ථාවල මෙම නිවේදන නිකුත් කිරීමට වසරකට වැඩි කාලයක් ගතවන බව නිරීක්ෂණය වී ඇති නිසා මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
ඒ අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සියලු අමාත්‍යංශ ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් මගින් මේ පිළිබඳව දැනුම් දී තිබෙනවා.