Fri. Jun 27th, 2025

ජනතාවට කොකා පෙන්නා මිලියන 66කට විද්ද රජයේ නිලධාරියෙක්ට විලංගු

මාර්ග සහ ක්‍රිඩාංගණ ව්‍යාපෘති සිදුකළ බව සඳහන් කරමින් ඉදි නොකළ මාර්ග සහ ක්‍රිඩාංගණ සඳහා මිලියන 66 ක් ගෙවීම සම්බන්ධයෙන් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ කාර්මීක නිලධාරී වයි. එම්. පී බණ්ඩාර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉකුත් 2016 සහ 2017 වසරවලදී මෙම මාර්ග සංවර්ධන කටයුතු සඳහා මුදල් ලබා දී ඇත්තේ එවකට සබරගමු පළාත් මාර්ග සංවර්ධන, ග්‍රමීය යටිතල පහසුකම්, සංචාරක සංවර්ධන, පළාත් මාර්ග නඩත්තු, ක්‍රිඩා සංවර්ධන හා යොෟවන කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතුල කුමාර රාහුබද්‍රගේ ප්‍රතිපාදන යටතේ බව සඳහන්.

අදාළ කාර්මික නිලධාරියා විසින් මාර්ග සහ ක්‍රිඩාංගණ 33 ඉදිකර ඇති බවට අසත්‍ය තොරතුරු සකසා මෙම මිලියන 66ක වංචාව සිදු කිරීම සම්බන්ධයෙන් මීට පෙර ද අත්අඩංගුවට ගත් පුද්ගලයෙක්.

හිටපු සබරගමු පළාත් ප්‍රධාන ලේකම්වරිය විසින් 2020 වර්ෂයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ගොනු කරන ලද පැමිණිල්ලක් අනුව මෙහි පරික්ෂණ කටයුතු ආරම්භ කර තිබුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *