Sat. Jun 28th, 2025

ජපානයේ රැකියා සිහින දකින අයට සුබ පණිවිඩයක්

Aug30,2024

ජපානය විසින් මේ වන විට ශ්‍රි ලාංකිකයින්ට ලබා දී ඇති රැකියා ක්ෂේත්‍රවලට අමතරව, තවත් ක්ෂේත්‍ර රැසක රැකියා අවස්ථා ශ්‍රි ලාංකිකයින්ට‍ විවෘත කිරීමට ජපානය එකඟ වී තිබෙනවා.

පසුගියදා ජපානයේ IM Japan ආයතනයේ සභාපති හිසයෝෂි කිමුරා (Hisayoshi Kimura) හා අධ්‍යක්ෂක මසනෝබි කොමියා (Masanoby Komiya) යන මහත්වරුන්, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වැඩ බලන අධ්‍යක්ෂක ජෙෆ් ගුණවර්ධන හා සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක යන මහත්වරුන් කාර්යාංශයේදී හමුවූ අතර, එහිදී ලාංකිකයින්ට ජපානයේ රැකියා අවස්ථා වැඩි වශයෙන් ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.

මේ වන විට IM Japan ආයතන මගින් ශ්‍රි ලාංකිකයින්ට ජපානයේ ඉදිකිරීම්, සාත්තු සේවා, නිශ්පාදන, මෝටර් රථ කාර්මික ශිල්පී හා ඇසුරුම් සේවා වැනි ක්ෂේත්‍රවල රැකියා අවස්ථා ලබාදෙන අතර, ඊට අමතරව කෘෂිකාර්මික, නවාතැන් සේවා, ගොඩනැගිලි පිරිසිදු කිරීම් යන ක්ෂේත්‍රවල වැඩි රැකියා අවස්ථා ලාංකික තරුණ ප්‍රජාව වෙත ලබාදීමට ජපාන නියෝජිතයින් එකගතාවය පළකර තිබෙනවා.

එසේම ඉහත ක්ෂේත්‍රවල පුහුණුව ලැබූ තරුණයින්ගෙන් සමන්විත පුහුණු සංචිතයක් මෙරට ඇති කිරීමටද දෙපාර්ශවය සාකච්ඡා කර තිබෙනවා.

IM Japan වැඩසටහන යටතේ මේ වන විට ශ්‍රි ලාංකිකයින් 500ට ආසන්න ප්‍රමාණයකට ජපානයේ තාක්ෂණික සේවාස්ථ පුහුණුව හිමිවී ඇති අතර, තවත් පුහුණු ලාභීන් 100ට ආසන්න ප්‍රමාණයක් ජපානයට යාමට සුදුසුකම් ලබා පෙර විගමණික පුහුණුව ලබමින් සිටිනවා.

ජපාන නියෝජිතයින් සමග පැවති මෙම විශේෂ සාකච්ඡාවට අතිරේක සාමාන්‍යාධිකාරී (දේශීය කටයුතු) පී.පී.වීරසේකර, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පුහුණු හා බඳවාගැනීම්) එල්.වයි.පතිරණ යන මහත්වරුන්ද එක්වී සිටියා

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *