Tue. Apr 29th, 2025

සංචාරක කේෂ්ත්‍රයේ නිරත පිරිසට සුබ ආරංචියක්

Mar5,2025 #tourism

සංචාරක ක්ෂේත්‍රයේ නිරත පිරිස වෙනුවෙන් දායක විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් මේ වසර තුළ හඳුන්වාදීමට නව රජය තීරණය කර තිබෙනවා.

සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් චමින්ද රණසිංහ මහතා ඒ බව පැවසුවේ අද (05) පාර්ලිමේන්තුවේ දීයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, සමාජ සුබසාධන වැඩසටහනක් ද සංචාරක ක්ෂේත්‍රයේ නිරත පිරිස වෙනුවෙන් පැවැත්වීමට නියමිත බවයි.

එමෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ අනාගතය වෙනුවෙන් සංචාරක ආකර්ෂණ 100ක් මේ වනවිට හඳුනාගනිමින් සිටින බවත් එම එක් ආකර්ෂණයක් සඳහා රු මිලියන 10 බැගින් වෙන්කර එහි මුලික පහසුකම් සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බව ද හෙතෙම පැවසුවා.

මේ අතර සංචාරකයින් වෙනුවෙන් Rest Centers ඉදිකිරීමට ද රජය මේ වනවිට තීරණය කර ඇතැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා එම අවස්ථාවේ දී වැඩිදුරටත් සඳහන් කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *