Sun. Jun 29th, 2025

මහණකම ඇදන් යන්නෙ කරන්න දෙයක් නැති නිසයි: ඥානසාර හිමි

Oct19,2024 #news #slpolitics

පොඩි කාලයේ කැමැත්තට මහණ වූ බවත් මහණකමේ බැරෑරුම්කම තේරෙන්නේ දැන් බවත් ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසනවා. කරන්න දෙයක් නැති නිසා ඇදගෙන යන බවත් ඒ හිමි ප්‍රකාශ කළේ අහුන්ගල්ල වැලිකන්ද පුරාණ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේදී පැවැති පින්කමකදී.

තවදුරටත් අදහස් පළ කළ ඒ හිමියන් මෙසේද කියා සිටියා,

“1848 දී සුදු පූජකවරයෙක් එනවා පීඩාවට පත්වෙච්ච බෞද්ධ මිනිස්සු භෞතීස්ම කරන්න. ඒ වෙලාවේ වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියෝ නොබියව ඉදිරිපත් වෙලා බේර ගත්තේ. එදා කොළඹ පෙරහැරක් යන්න නුදුන් සමයේ ගුණානන්ද හිමියෝ මෝල් ගස්වල කොඩි බැඳගෙනගිහිල්ලා පෙරහැර කළේ. තම දරුවන්ගේ කොතෙක් අඩුපාඩු සපුරන්න තිබුණත් ඒවා පසෙකලා පන්සලේ අඩුපාඩු සොයා බලා හදා දෙන බෞද්ධ පිරිසක් අපේ රටේ ඉන්නේ.

එදා සටන් කරලා මිථ්‍යාව පරාජය කරන්න බැරි බව වටහා ගත් ගුණානන්ද හිමියෝ බුද්ධිමය සංවාදයකින් මිථ්‍යාව පරාජය කරන්නයි පංච මහා වාදය පැවැත්වූවේ. අද ඉන්න බෞද්ධ නායකයෝ වැඩ කරන්නේ එදා මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියෝ දමන ලද අත්තිවාරම උඩ ඉඳගෙනයි. ඒ තරම් දෙයක් කළත් ගුණානන්ද හිමි අපවත් වූයේ හිතේ අමාරුවෙන්.

අපි පොඩි කාලයේ කැමැත්තට මහණ වුණා. දැන් තමයි තේරෙන්නේ මහණකමේ බැරෑරුම්කම. දැන් කරන්න දෙයක් නැති නිසා ඇදගෙන යනවා. පකිස්තානය, මාලදිවයින, මැලේසියාව, ඇෆ්ගනිස්ථානය ආදී රටවල් සියල්ලම එදා බෞද්ධ රටවල්. ඒ සියල්ලම මිථ්‍යා දෘෂ්ටික රටවල් බවට පත්වෙලා. භික්ෂු භූමිකාවට පණ පොවන එකයි අපි කරන්නේ.

ඉස්ලාම් ආගම අදහන උදවිය දවසට පස් වතාවක් යාඥා කරනවා. මොන තරම් පාඩු වුණත් සිකුරාදට පල්ලි යනවා. ක්‍රිස්තියානි අය ඉරිදට පල්ලි යනවා. හින්දු භක්තිකයොත් එහෙමයි. ඒ අයගේ හොඳ ආදර්ශය ඇයි අපි නොගන්නේ. කවුරු හරි අමාරුවෙන් නැගිටින්න හදනවිට පෙත්සම් ගහලා කකුලෙන් ඇදලා නන්නත්තාර කරන්නේ අපි විතරයි. මිනිස්සු ඉන්නේ කොතනද කියල දකින විට හරි දුකයි. සියයට අසූවක් මානසික රෝගවලින් පෙළෙන අය ඉන්නවා කියලයි වෛද්‍යවරු කියන්නේ. අපි අපේ උරුමය දරුවන්ට උරුම කර දිය යුතුයි. පුරා වස්තු විනාශ කරනවා. බෞද්ධ උරුමය නැති කරනවා. ඒ නිසයි බොදු බල සේනාව හැදුවේ. මේ ජාතික වැඩපිළිවෙළ නිසා පොලිසි උසාවි ගාණේ යන්න සිදු වුණා. ඒ අපේ පෞද්ගලික දේවලට නොවෙයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *