Sun. Jun 29th, 2025

මණ්ඩලේ ලාබයි, බෝනස් දෙන්න: ජවිපෙ වෘත්තීය සමිතිය ඉල්ලයි!

Nov24,2024 #news #sl economy #slpolitics

ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයන් වෙත වර්ෂ අවසාන බෝනස් නත්තලට පෙර ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වෙනවා.

ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිතියක් වන ලංකා විදුලි සේවක සංගමය විසින් මෙම ඉල්ලීම කර ඇතැයි සඳහන්.

පසුගිය වසර දෙක තුළ ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයන් වෙත ප්‍රසාද දීමනා ලබා දුන්නේ නැහැ.

ලංවිම සේවකයන්ගේ බෝනස් මුදල් ගැන සමාජයේ මෙයට පෙරද කතා බහට ලක් වුණා. ඇතැම් සේවකයන් හට රුපියල් 75000 සිට ලක්ෂ 2 දක්වාද ඉංජිනේරුවරයෙකුට ලක්ෂ දෙකකට අධිකවද සාමාන්‍යාධිකාරිවරයෙකුට ලක්ෂ 09ක තරම් ද ප්‍රසාද දීමනා හිමිවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

පසුගිය කාල වකවානුවේ ම විදුලි බිල ඉතා වැඩි කෙරුණු අතර තවමත් විදුලි බිල ඇත්තේ පාරිභෝගිකයන්ට දරාගත නුහුණු මට්ටමේයි.

ලංකා විදුලිබල මණ්ඩලය තවදුරටත් පාඩු නොලබන බැවින් මෙම බෝනස් මුදල් ලබා දිය හැකි බවයි ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් පවසන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *