Sat. Jun 28th, 2025

Geo- Goviya රුපියල් මිලියන 573ක් ඉතිරි කරයි

Jun17,2024

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මෙරට කෘෂිකර්මාන්තය සඳහා නව තාක්ෂණය හඳුන්වා දීම සඳහා ක්‍රියාත්මක කර ඇති වැඩ පිළිවෙළ යට‌ෙත් Geo- Goviya නැමැති යෙදවුම හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව මෙම යෙදවුම මගින් ‌ ගොවීන්ට කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය දැනුම මෙන්ම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන සේවාවන් පිළිබඳ තොරතුරු ද අන්තර්ගත කර තිබෙනවා.

මීට අමතරව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් දැනට ශ්‍රී ලංකාවේ ඇති සියලුම කුඹුරු ඉඩම් Geo- Goviya යෙදවුම යොදාගනිමින් නිවැරදිව සිතියම් ගත කිරීම අරඹා තිබෙනවා.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව විසින් මෙම යෙදවුම මගින් මැනීම් කටයුතු අවසන් කර ඇති කුඹුරු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් මිලියන 1.91කි. එමෙන්ම ගොවීන් මිලියන 1.38ක් මෙම යෙදවුම මගින් ලියාපදිංචි වී තිබෙනවා.

Geo- Goviya යෙදවුම මගින් කුඹුරු මැනීම නිවැරදිව සිදු කර ඇති නිසා දැනට ගොවීන් සතුව පවතින ඉඩම්වල සත්‍ය ප්‍රමාණය නිවැරදිවම සටහන් කර ගැනීමට හැකි වී ඇති අතර ඔප්පුවල සඳහන් වන ඉඩම් ප්‍රමාණයන් බොහෝ විට පවතින ඉඩම් හා නොගැලපෙන බවක් පෙනී යනවා.

කෙසේ වුවද මේ නිසා වගා හානි වන්දි ලබා දීමේ දී මෙන්ම පොහොර සහනාධාර හා වෙනත් ආධාර ලබා දීමේ දී Geo- Goviya යෙදවුම මගින් සනාථ කර ඇති ඉඩම් ප්‍රමාණයට එම සහනාධාර ලබා දීමට කටයුතු කර තිබෙනවා.

මේ අනුව Geo- Goviya නිසා පසුගිය වසරේ දී රුපියල් මිලියන 573ක මුදලක් රජයට ඉතිරි කර ගැනීමට ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවට හැකි වී ඇති බවයි අමාත්‍යංශය නිවේදනය කළේ

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *