Fri. Jun 27th, 2025

වතු කම්කරු වැටුප අසීමිතව වැඩි වෙන ගැසට්ටුවක්

Sep14,2024 #gazzate #labour low #tea

සීමාවකින් තොරව දෛනික වැටුප ලබාගත හැකි ආකාරයේ ගැසට් නිවේදනයක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය විසින් නිකුත්කර තිබෙනවා.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශ ලේකම් ආර්. පී. ඒ. විමලවීරගේ අත්සනින් යුතුවයි මෙම ගැසට් නිවේදනය නිකුත්කර තිබෙන්නේ.

එම ගැසට් නිවේදනය අනුව දෛනික අවම මූලික වැටුප රුපියල් 1350ක් වන අතර අමතරව නෙළන එක් තේ දළු කිලෝග්‍රෑමයක් සඳහාම රුපියල් 50ක අමතර මුදලක් ගෙවිය යුතුයි.

රබර් වතු සමාගම්වල සේවය කරන සේවකයන් ලබාගන්නා අමතර එක් රබර් කිලෝග්‍රෑමයක් සඳහා ද මෙම අමතර ගෙවිය යුතුයි.

ඒ අනුව ශ්‍රමිකයාගේ ඵලදායීතාව අනුව සීමාවකින් තොරව ඉහළ දෛනික වැටුපක් ලබගත හැකි වනු ඇති.

මෙම ගැසට් නිවේදනය අනුව වතු සේවකයන්ගේ සේවක අර්ථසාධක අරමුදල් සහ සේවක භාරකාර අරමුදල් ගෙවීම සඳහා වන අවම සීමාව ද රුපියල් 1350 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *