Sat. Jun 28th, 2025

සූදු ක්‍රීඩා මට්ටු වෙයි! නියාමනයටත් ආයතනයක්

Feb25,2025

ශ්‍රී ලංකාව තුළ ඔට්ටු ඇල්ලීම සහ සූදු ආයතන ප්‍රමිතිකරණය කිරීම, සමාජ හානි අවම කිරීම, සංචාරක කේෂ්ත්‍රය ප්‍රවර්ධනය හා ආර්ථික වර්ධනය කිරීම සඳහා ස්වාධීන නියාමන ආයතනයක් පිහිටුවීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ සඳහා පනත් කෙටුම්පත් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට අනුමැතිය හිමි වුණේ 2023-06-26 වන දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දීයි.

එම පනත් කෙටුම්පත් කිරීමේ කාර්යය අඛණ්ඩව කර ගෙන යාම සඳහා වත්මන් අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය අවශ්‍ය බව නීති කෙටුම්පත් සම්පාදක විසින් දැනුම් දී තිබෙනවා.

ඒ අනුව, එකී පනත් කෙටුම්පත කඩිනමින් සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීම පිණිය මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපති ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *