Sun. Jun 29th, 2025

මෛත්‍රීපාලට එරෙහි වාරණ නියෝගය තවදුරටත්

Jun12,2024

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කර තිබෙනවා.

ඒ අනුව මෙම මස 19 වන දක්වා එම නියෝගය යළි දීර්ඝ කරනු ඇති.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් සිරිසේන මහතා අදාළ තනතුරේ කටයුතු කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ගොනුකර තිබූ පැමිණිල්ලක් අනුව සිරිසේන මහතාට එරෙහිව මෙම වාරණ නියෝගය නිකුත් කර තිබෙනවා.

එම නඩුව අද (12) කොළඹ දිසා අධිකරණය ඉදිරියේ යළි කැඳවනු ලැබීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබා දී ඇත්තේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *