උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට තවදුරටත් බාධා එල්ල වී තිබෙනවා.
ඒ, කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය බණ්ඩාරවෙල හා හිල් ඔය දුම්රිය ස්ථාන අතර පිලී පැනීමකට ලක්වීම හේතුවෙන්.
එම දුම්රියේ එන්ජිමේ එක් රෝදයක් හා මැදිරි දෙකක රෝද කිහිපයක් එලෙස පිලී පැනිමකට ලක්ව ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.
මේ හේතුවෙන් බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය ද ඊයේ දිනයේ අවලංගු කෙරුණා.
කෙසේ වෙතත් එය මේ වනවිට යථා තත්වයට පත් කිරිමට පියවර ගනිමින් සිටින බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.