ඉන්ධන සඳහා මේ වන විට අය කරමින් තිබෙන බදු සංශෝධනය නොකර පැවැති මට්ටමේ ම පවත්වාගෙන යෑමට ජනපතිවරයා තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇතැයි වාර්තා වෙනවා.
පසුගිය වසරේ ජනවාරි 01 දා සිට පෙට්රල් ලීටරයක් සඳහා රුපියල් 72ක්, සුපිරි ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 57ක්, ඔටෝ ඩීසල් සඳහා රුපියල් 50ක් වශයෙන් බදු අය කෙරෙන අතර මෙම බදු ඒ අනුව වෙනසකින් තොරව තවදුරටත් පවත්වාගෙන යනු ඇති.