Sun. Jun 29th, 2025

ජනපතිගේ එට්කා සමගියට එරෙහිව පෙරටුගාමීන් සටනට!

Dec18,2024 #news #slpolitics

ඉන්දීය අගමැතිවරයා සමඟ වත්මන් ආණ්ඩුව එට්කා ගිවිසුම අත්සන් කරන්නට සූදානම් වන්නේ නම් එය ඉතා භයානක බව ජනඅරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ පවසනවා.

රනිල් වික්‍රමසිංහ ජනපතිවරයාගේ ඉන්දියාව සමග දේශපාලන ගනුදෙනුවල ඇති රටට අහිතකර විපාක නිසා ජාතික ජනබලවේගයද සිය දේශපාලන වැඩපිලිවෙල ඇතුළේ එය විවේචනය කළ බව සිහිපත් කරන මුදලිගේ මෙම ගිවිසුම නැවත අත්සන් කිරීම භයානක බව අවධාරණය කරනවා.

මෙම ගිවිසුම හරහා භාණ්ඩ සහ සේවා වෙළඳාම මෙරට තුළ ලිහිල් කිරීමට යෝජනා කර ඇති බවත් එනිසාවෙන් ඉන්දීය වෘත්තිකයන්ට මෙහි පැමිණ රැකියා කිරීමට ඉඩ ඇති බවත් ඔහු පෙන්වා දෙනවා. මේ වන විට ඉන්දියාවේ රැකියා විරහිතව ලක්ෂ 5ක් වෛද්‍යවරු සිටින බවත් මේ සියලු දෙනා ගිවිසුමෙන් පසු මෙරටට පැමිණිය හැකි බවත් ඔහු කියා සිටියා.

ඉන්දීය කම්කරුවන් සමඟ තමනට ප්‍රශ්නයක් නැතද මෙම අයිතිවාසිකම් දසක ගණනාවක අරගලවලින් ලබා ගත් ඒවා බැවින් වෙන රටකට එය පාවා දිය නොහැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *