සිර දඬුවම් නියමව සිටි මෙන්ඩිස් ඩිස්ටිලරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු තවත් අයෙකු අද (22) නිදහස් කර තිබෙනවා.
ඒ රුපියල් මිලියන 3.5ක වැට් බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනාව මත ගොනු වූ නඩුවට අදාළවයි.
එහි දී අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ තවත් අයෙකුට පසුගිය ඔක්තෝම්බර් මාසයේ දී මාස 4ක සිර දඬුවම් නියම වුණා.
අදාළ දඬුවම් කාලයෙන් පසු ඔවුන් දෙදෙනා අද මුදා හැර තිබෙනවා.