චීන යුද නැව් තුනක් සහ ඉන්දීය යුද නැවක් අද කොළඹ වරායට පැමිණ තිබෙනවා.
මහජන චීන විමුක්ති හමුදාවට අයත් HE FEI, WUZHISHAN සහ QILIANSHAN යන යුද නෞකා ත්‍රිත්වයත් ඉන්දීය නාවික හමුදාවට අයත් INS Mumbai යුද නෞකාවත් මෙසේ පැමිණ තිබෙන බව නාවික හමුදාව ප්‍රකාශ කළා.
නෞකා පුහුණු අභ්‍යාසයන් සඳහා මෙරටට පැමිණි මෙම නෞකා පුහුණු අභ්‍යාසවලින් පසුව, නිල සංචාරය අවසන් කරමින් අගෝස්තු මස 29 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.
මෙම නෞකා හතර සමඟ 2000කට අධික කාර්ය මණ්ඩලයක් ද මෙරටට පැමිණ ඇති බව ද වාර්තා වෙනවා.