Sat. Jun 28th, 2025

හිටපු පොහොට්ටු සභාපති මාලිමා කාර්යාලයක් කුඩු කරලා

කතරගම නාගහවීදියේ පිහිටා තිබුණු ජාතික ජන බලවේගයේ මැතිවරණ කාර්යාලය ඊයේ (24) අළුයම කඩා විනාශ කර දමා ඇති බවට පැමිණිල්ලක් ලැබි ඇතැයි කතරගම පොලිසිය පවසනවා.

පැමිණීලිකරු විසින් චෝදනා කර ඇත්තේ කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා ඇතුළු තිදෙනෙකු විසින් මෙම ගිනි තැබීම සිදු කර ඇති බවටයි.

පැමිණිලිකරු පොලීසියට පවසා ඇත්තේ ජාතික ජන බලවේගයට සහාය දැක්විම සදහා තමන්ගේ නිවස ඉදිරිපිට මැතිවරණ කාර්යාලයක් ඉදිකර තිබු බවයි.

කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වරයා වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ චානක අමිල් රංගන මහතා හා තවත් තිදෙනෙකු මෝටර් රථයකින් පැමිණ බැණ වැදී කාර්යාලය සකස් කර තිබූ උණ බට කඩා දමා පිටව ගිය බවත් පැමිණිල්ලේ දක්වා තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *