හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය සහ සිලෝන් නිව්ස් පේපර් සමාගමේ සභාපති ටිරාන් අලස් සැකකරුවෙකු ලෙස හඳුනාගෙන ඇති බව රහස් පොලිසිය පසුගිය 29 දා අධිකරණයට දැනුම් දී තිබෙනවා.
පුවත්පත් මුද්‍රණය පිණිස ආනයනය කළ කඩදාසි සහ කාඩ්බෝඩ් ආනයනය කිරීමෙන් පසුව එහි වටිනාකම වන රුපියල් කෝටි 3කට ආසන්න මුදලක් නොගෙවීම සම්බන්ධයෙන් වන නඩුවකට අදාළව මෙම දැනුම්දීම කර ඇති බව සඳහන්.
මේ අනුව සැකකාර හිටපු ඇමැතිට රටින් පිටවීම තහනම් කෙරෙන විදේශ ගමන් තහනමක් පැනවූ අධිකරණය රක්ෂිත බන්ධනාගාරගත සිටි සමාගම් නිලධරයන් දෙදෙනකු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 4ක් මත මුදා හැර තිබුණා.
කෙසේ වෙතත් සැකකාර හිටපු ඇමැති ටිරාන් අලස් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට පෙත්සම් ඉදිරිපත් කර ඇති අතර ඒවා 2025 මාර්තු මාසයේදී විභාගයට ගැනීමට නියමිත වෙනවා.