මෙම ජනාධිපතිවරණයේදී ජනතාවට සිය ඡන්දය භාවිත කරන ලෙස ඉල්ලා සකස් කරන ලද අත්පත්‍රිකාවක් මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය විසින් අද අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයේදී බෙදා ඇති බව වාර්තා වෙනවා.
මැතිවරණ රාජකාරී කළ හිටපු ඉහළ නිලධාරියෙකු මෙලෙස ඡන්දය පාවිච්චි කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා අත් පතිකා ජනතාවට බෙදූ පළමු අවස්ථාව මෙයයි.
මැතිවරණයකදී සිය ඡන්දය පාවිච්චි කිරීම ජනතා අයිතියක් බවත් මෙම ඡන්ද අයිතිය පැහැර හැරීම නොකළ යුත්තක් බවත් මැතිවරණ කොමිසන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.
ඔහු පවසන්නේ ජනතාවට තමන්ගේ ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය පෙන්වාදීමේ අරමුණින් මිස මෙය මෙවර ජනාධිපතිවරණයේදී පත්කළ යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳව කරන ලද ඉල්ලීමක් මේ ඔස්සේ තමන් සිදු නොකරන බවයි.