Wed. Apr 30th, 2025

හිටපු ජනපති වගඋත්තරකරුවෙකු වෙයි!

Nov28,2024 #2024 #news #ranil #slpolitics

පසුගිය පාලන සමයේ දී ජනපති රනිල් වික්‍රමසිංහ විසින්, පුරප්පාඩු වී පැවැති අභියාචනාධිකරණ විනිසුරු ධුර සඳහා විනිසුරුවරු පත් නොකිරීම හේතුවෙන් තම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දු කරන ලෙස ඉල්ලා ජනාධිපති නීතිඥවරයෙකු මූලික අයිතිවාසිම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

අභියානාධිකරණයේ විනිසුරු ධුර 5ක් පුරප්පාඩුව පැවතිය දී ඊට විනිසුරුවරු පත් නොකිරීම තුළින් තම මූලික අයිතිවාසිකම් කඩ වුණු බව පෙත්සම ගොනුකර ඇත්තේ ජනාධිපති නීතිඥ සේනක වල්ගම්පාය විසින්.

ඒ අනුව හිටපු ජනපතිවරයා වගඋත්තරකරුවෙකු ලෙස නම් කිරීමටත්, විරෝධතා ඇත්නම් ගොනු කිරීමට ඔහුට සති 4ක කාලයක් ලබා දෙන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ බව සඳහන්.

පෙත්සම් 2025 වසරේ මාර්තු 10 දා නැවත කැඳවීමට නියමිත යි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *