Sat. Jun 28th, 2025

කොට්ටහච්චිට අපහාස කළ හිටපු ප්‍රා. මන්ත්‍රී අත්අඩංගුවට!

Jan3,2025 #news #police #slpolitics

ජාතික ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චිට සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කළ බව කියන කළුතර මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී රවින්ද්‍ර රම්මුණි නමැති අය රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අඟුරුවාතොට බටගොඩ පිහිටි ඔහුගේ නිවසේ දී අද (03) උදෑසන එම අත්අඩංගුවට ගැනීම සිදුව තිබෙනවා.

හිටපු මන්ත්‍රීවරයා පසුගිය දිනෙක සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරියට අපහාසවන පරිදි පෝස්ට් එකක් පළ කර තිබු අතර පසුව එදිනම එය ඉවත් කර තිබුණ බව සඳහන්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *