Sat. Jun 28th, 2025

හිටපු කෘෂිකර්ම ඇමතිත් වැඩි කළ පොහොර සහනාධාර ඉල්ලයි

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ක්‍රියාත්මක කිරීමට තීරණය කළ පොහොර සහනාධාරය අත්හිටුවීම සිදු නොකරන ලෙස හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටිනවා.

මැතිවරණ කොමිසමේ නිලධාරීන් හමුවෙමින් ඔහු ඊයේ (02) මෙම ඉල්ලිම සිදු කර තිබෙන බව පැවසෙනවා.

මෙතෙක් රුපියල් 15,000ක්ව පැවැති පොහොර සහනාධාරය මෙවර මහ කන්නයේදී රුපියල් 25,000ක් දක්වා ඉහළ නැංවීමට පසුගිය රජයේ අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බවත් ජනාධිපතිවරණයෙන් පසුව නව ජනාධිපතිවරයා විසින් එම පියවර ඔක්තෝබර් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවත් මහින්ද අමරවීර මහතා මැතිවරණ කොමිසමට පවසා තිබෙනවා.

මහ මැතිවරණය ප්‍රකාශයට පත් කර ඇති නිසා මැතිවරණ නීතිය යටතේ එම පොහොර සහනාධාරය මහ මැතිවරණය අවසන් වන තෙක් අත්හිටුවීමට මැතිවරණ කොමිසම තීරණය කළා.

මෙම පොහොර සහනාධාරය ගොවි ජනතාවට ලබා නොදුනහොත් ලබන මහ කන්නයේ වී අස්වනු පහළ ගොස් සහල් හිඟයක් පවා ඇති විය හැකි බව මහින්ද අමරවීර මහතා පවසා තිබෙනවා.

මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය ලසන්ත අලගියවන්න හා හිටපු රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර යන මහත්වරු ද සහභාගි වි තිබුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *