දෙවතාවක් ඉන්දීය අගමැති ධුරය හෙබවූ මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වී ඇතැයි ඉන්දියා ටුඩේ ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරනවා. ඉන්දියාවේ ආර්ථිකය ලිබරල්කරණය කිරීමට ඔහු මුදල් අමාත්‍යවරයා ලෙස මැදිහත් වූ බවයි සඳහන් වන්නේ.
මිය යන විට 92 හැවිරිදි වියේ පසුවූ මන්මෝහන් හිටපු අගමැතිවරයා මහබැංකු අධිපතිවරයෙකු ලෙසද ආර්ථික විද්‍යාඥයෙකු ලෙසද කටයුතු කළා. බෘහස්පතින්දා දින පස්වරුවේ නවදිල්ලියේ දී හදිසියේ රෝගාතුර වීමෙන් අනතුරුව ඔහු මියගොස් තිබුණා.