Sat. Jun 28th, 2025

හිටපු මහඇමති මහීපාල බිරිඳ වැව් රක්ෂිතයත් අල්ලලා!

Nov6,2024 #2024 #news #slpolitics

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර, සබරගමුව පළාත් හිටපු මහඇමති මහීපාල හේරත්ගේ බිරිඳගේ නමට අනුරාධපුර පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ අක්කර කාලක ඉඩමක් අත්පත් කරගෙන ඇති බව වාර්තා වෙනවා. ආණ්ඩුකාර බලතල අවභාවිතයෙන් මෙසේ කරගෙන ඇති බවයි සඳහන් වන්නේ.

මේ ආසන්නයේ ම තවත් අක්කර බාගයක ඉඩමක් ද බිරිඳ නමින් දීර්ඝකාලීන බදු පදනමින් ලබා ගෙන තිබෙනවා.

මෙම ඉඩම් ලබා ගැනීමට, අංක 76, රත්නගිරි, මොලමුරේ මාවත, කෑගල්ල ලිපිනයේ පදිංචි අජන්තා රූපසාරි නම් 77 වියේ කාන්තාවක් ඉල්ලුම් කර ඇති බව දැක්වුණු විට සොයා බැලීමේදී පෙනී ගියේ ඇය හිටපු ආණ්ඩුකාර බිරිය බවයි.

මෙම ඉඩම ලබා දී ඇත්තේ ප්‍රාදේශීය ලේකම්වරයා බැවින් ඔහු සම්බන්ධයෙන්ද ගැටලුවක් පැන නගින බවයි උතුරුමැද පළාත් වානිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් පී.බී. දිසානායක පවසන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *