වැලිගම ප්රාදේශීය සභාවේ හිටපු සභාපති පුෂ්පකුමාර බැට්ටගේ ලබන 20 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
බලපත්ර නොමැතිව වටිනා දැව ප්රවාහනය කරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු මුදා ගැනීමට පොලිස් රාජකාරියට බාධා කළ බව කියන සිද්ධියකට අදාළවයි මොහු අත්අඩංගුවට ගෙන මාතර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණේ.