Fri. Jun 27th, 2025

බෙන්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්

Jun18,2024

බෙන්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ගයාන් සිරිමාන්න ලබන ජූනි 26වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, කෝට්ටේ මාදිවෙල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට පහරදී පැහැර ගැනීමේ සිද්ධියකට අදාලවයි.

ජීප් රථයකින් සහ මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් 8 දෙනෙකු ඊයේ (16) කෝට්ටේ මාදිවෙල ප්‍රදේශයේදී මාර්ගය හරස්කර මෝටර් රථයකින් යමින් සිටි ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් තිබුණි.

ඒ, එම ව්‍යාපාරිකයාගෙන් මිලදී ගත් ත්‍රිරෝද රථයක් කල්බදු අතපසු වූ රථයක් බවට අනාවරණය වීමෙන් හටගත් මතභේදයක් මුල්කරගනිමිනි.

පොලිසිය පවසන්නේ බෙන්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ගයාන් සිරිමාන්න නමැත්තා ඔහුගේ ජීප් රථයෙන් මෙම පැහැර ගැනීම සඳහා පැමිණ ඇති බව සීසීටීවී දර්ශන අනුව කළ විමර්ශනවලදී අනාවරණය වූ බවි.

අත්අඩංගුවට ගත් සැකකරු නුගේගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් තිස්ස විජේරත්න මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ජුනි 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

සිද්ධියට අදාල ව්‍යාපාරිකයා පැහැරගැනීමට හවුල් වූ සෙසු පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *