සිඩ්නි විශ්වවිද්‍යාලය තුළදී පිහි ඇනුමක් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
ඒ සම්බන්ධයෙන් සැකපිට 14 හැවිරිදි පිරිමි ළමයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම සිදුවීමෙන් අනතුරුව විශ්වවිද්‍යාල ගොඩනැගිලි කිහිපයක් වසා දැමීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ.
පිහි ප්‍රහාරයට ලක්වූ 22 හැවිරිදි පුද්ගලයෙක්ට හදිසි ප්‍රතිකාර ලබාදී තිබුණා.